Categories: wmf.a mqj;a

විද්‍යාකර බාලිකා විද්‍යාලයේ ප්ලාස්ටික් සයිකල් දැනුවත් කිරීමේ සැසිය

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ Plasticcycle, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරාධනය පරිදි, විද්‍යාකර බාලිකා විද්‍යාලයේ සිසුවියන් 900 කට අධික පිරිසක් වෙනුවෙන් පසුගියදා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වී ය. Plasticcycle ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන් සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන Elephant House Beverages සහ, ප්‍රතිචක්‍රීකරණ සමාගමක් වන Eco Spindles (පුද්.) සමාගම යන සමාගම් වලද දායකත්වය සමගින්, 2022 අගෝස්තු 24 වන දින මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදි. ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය සහ, 4Rs (Refuse, Reduce, Reuse සහ Recycle) සංකල්පය ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවීම තුළින් පරිසරය ආරක්ෂා කරගැනීමට දායක විය හැකි ආකාරය පිළිබඳව මෙහිදී එම සිසුවියන් දැනුවත් කෙරිණි.

6/7 ශ්‍රේණි සහ 8/9 ශ්‍රේණි සඳහා වෙනම සැසි දෙකක් වශයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි. එහිදී Plasticcycle, Elephant House සහ Eco Spindles නියෝජිතයන් ඉතාමත් සුහදශීලී සහ ආකර්ෂණීය ලෙස, සිසුවියන්ද සම්බන්ධ කරගනිමින් වැඩසටහන මෙහෙයවූ අතර, එහිදී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් සහ තරගද පවත්වන ලදි. එමෙන්ම වගකීම් සහගත ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම දිරිමත් කිරීම සඳහා පාසලට Plasticcycle අපද්‍රව්‍ය බඳුන් දෙකක්ද පරිත්‍යාග කරන ලද අතර, මෙමගින් පාසලේ නිතර භාවිතා වන PET බෝතල්, HDPE ඇසුරුම් සහ ප්ලාස්ටික් මූඩි වැනි දේවල් විධිමත් ලෙස බැහැර කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

admin-plast

Recent Posts

IFS පදනම සමග එක්ව මාදම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීමේ වැඩසටහන

IFS පදනමේ ආයතනික ප්‍රජා සත්කාර දිනයට සමගාමීව එම පදනමේ 12 දෙනෙකුගේ ස්වේච්ඡා දායකත්වයෙන් යුතුව 2024…

2 months ago

Business Network International හි කොළඹ සමාජිකත්ව එකතුව වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ සැසිය

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති Referral සමාගමක් වන Business Network International (BNI) හි…

2 months ago

ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20 කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී…

3 months ago

ජෝන් කීල්ස් සමූහයේ Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo…

5 months ago

Plasticcycle සහ The Pearl Protectors “Cleaner Seabeds for Sri Lanka” වෙනුවෙන් අත්වැල් බැඳගනී

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන…

11 months ago