Categories: wmf.a mqj;a

Plasticcyle වෙතින් ලෝක පරිසර දිනය වෙනුවෙන් විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle මෙවර ලෝක පරිසර දිනය වෙනුවෙන් 2022 ජූනි 05 දින Microsoft Teams හරහා විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු කළේ ය. මෙවර පරිසරය දිනයේ තේමාව වූ ‘ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය මගින් පරිසරයට ඇතිවන බලපෑම් සහ ඒ සඳහා ඇති විසඳුම්’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය Facebook ඔස්සේ සජීවී ලෙස විකාශය කෙරිණි. Plasticcycle හි සන්නාමකරණ සහ සන්නිවේදන විධායක හරිත වල්ගම්පාය මහතා විසින් මෙහෙයවන ලද මෙම සංවාදය සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති ප්‍රවීණයෝ තිදෙනෙක් එක්වූහ. මෙම සම්මන්ත්‍රණය තුළදී එදිනෙදා ජීවිතයේදී ප්ලාස්ටික් මගින් ඇතිවන බලපෑම, ප්ලාස්ටික් භාවිතය අවම කළ හැකි ආකාරය සහ ඒ සඳහා පවතින විකල්ප යනාදී කරුණු සාකච්ඡා කරන ලදි.

සම්මන්ත්‍රණයේ ප්‍රථමයෙන්ම අදහස් දක්වන ලද්දේ Enviro Holdings (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය චාමර ද සොයිසා විසිනි. සුප්‍රකට විද්වතෙකු, සායනික කළල විද්‍යාඥයෙකු, ප්‍රසිද්ධ දේශකයෙකු, ව්‍යාපාර උපදේශකවරයෙකු සහ ආයතනික පුහුණුකරුවෙකු වන ඒ මහතා CINEC Campus හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරයි. තම අදහස් දැක්වීම තුළදී ප්ලාස්ටික් මගින් ඇතිවන පරිසර දූෂණය, එමගින් ඇතිවන බලපෑම් සහ වගකීම්සහගත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු දේ පෙන්වා දුන් ඒ මහතා, අපද්‍රව්‍ය කළමනාකරණයේ වැදගත් සංකල්පයක් වන ‘Refuse, Reduce, Reuse and Recycle’ (4R’s) හි සාරාංශයක්ද ඉදිරිපත් කළේ ය.

“මෙම වෙබ් සම්මන්ත්‍රණය, අපගේ පරිසරය සුරැකීම සඳහා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට සෑම කෙනෙකුටම අගනා වේදිකාවක් සපයනවා.”

-ආචාර්ය චාමර ද සොයිසා-

සම්මන්ත්‍රණයේ දෙවැනියට අදහස් දැක්වූයේ ශානිකා සංදීපනී මහත්මියයි. මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය හිමිකරගත් ඇය University of West of England වෙතින් MBA උපාධිය හිමිකරගෙන තිබේ. මේ වනවිට ඇය නව තිරසාර ඉදිකිරීම් විසඳුම් සොයාගැනීමේ අරමුණ පෙරදැරිව ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණය යන මූලික විෂය යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටී. සිය අදහස් දැක්වීම අතරතුර, නිවාස සහ රැකියා ස්ථාන වල ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඇය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට අදාළ නූතන ප්‍රවණතා සම්බන්ධයෙන් විස්තරාත්මක ඉදිරිපත් කිරීමක්ද සිදුකළා ය. PMAC (Plastic Modified Asphalt Concrete) ලෙස හැඳින්වෙන, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් මාර්ග වල ඇතිරීම සඳහා යොදාගැනීම වැනි විකල්ප මෙහිදී ඇය විසින් පෙන්වා දෙන ලදි.

“ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව ඵලදායී ලෙස විසඳීම සඳහා ‘Plastic Modified Asphalt Concrete’ විසඳුම් සපයන ජෝන් කීල්ස් හි දීර්ඝකාලීන හවුල්කරුවෙකු ලෙස, මෙම වෙබ් සම්මන්ත්‍රණයට දායක වීමට ලැබීම පිළිබඳව AGC Innovate බෙහෙවින් සතුටු වනවා. ‘ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය මගින් පරිසරයට ඇතිවන බලපෑම් සහ ඒ සඳහා ඇති විසඳුම්’ යන මාතෘකාව යටතේ පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය, අපට ජීවත් වීමට ඇති එකම ස්ථානය වන පෘථිවිය රැකගැනීම සඳහා දරනු ලබන සාමූහික උත්සාහය ශක්තිමත් කිරීමට දායක වේවි.”

-ශානිකා සංදීපනී-

බලශක්තිය හා පරිසරය යන විෂයන් පිළිබඳ විශේෂ අවධානයකින් යුතුව මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු සුදුසුකම් සපිරූ ඔවින් ද සිල්වා මහතා, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණයේදී අවසන් දේශකයා වශයෙන් අදහස් දැක්වී ය. 2015 වර්ෂයේදී කළමනාකරණ පුහුණු තනතුරක් සඳහා ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමග එක්වූ ඒ මහතා දැනට සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ නිෂ්පාදන හා නියාමන කළමනාකරු ලෙස කටයුතු කරයි. ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය අවම කිරීමට සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම ගෙන ඇති පියවර සහ, ඒ සඳහා Plasticcycle සමග එක්ව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් ඒ මහතා විස්තර කළේ ය.

“එලිෆන්ට් හවුස් ආයතනයට අවශ්‍ය වන්නේ, හිස් බෝතල් ඉවත දැමීමේදී ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට යොමුවන පරිදි අපගේ පාරිභෝගිකයන්ගේ ආකල්ප වෙනස් කිරීමටයි. ඉන් පසුව, වගකීම්සහගත ආයතනයක් වශයෙන්, එම බෝතල් එකතු කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට අප කටයුතු කරනවා.”

-ඔවින් ද සිල්වා-

admin-plast

Recent Posts

IFS පදනම සමග එක්ව මාදම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීමේ වැඩසටහන

IFS පදනමේ ආයතනික ප්‍රජා සත්කාර දිනයට සමගාමීව එම පදනමේ 12 දෙනෙකුගේ ස්වේච්ඡා දායකත්වයෙන් යුතුව 2024…

2 months ago

Business Network International හි කොළඹ සමාජිකත්ව එකතුව වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ සැසිය

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති Referral සමාගමක් වන Business Network International (BNI) හි…

2 months ago

ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20 කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී…

3 months ago

ජෝන් කීල්ස් සමූහයේ Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo…

5 months ago

Plasticcycle සහ The Pearl Protectors “Cleaner Seabeds for Sri Lanka” වෙනුවෙන් අත්වැල් බැඳගනී

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන…

11 months ago