Categories: wmf.a mqj;a

IFS පදනම සමග එක්ව මාදම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීමේ වැඩසටහන

IFS පදනමේ ආයතනික ප්‍රජා සත්කාර දිනයට සමගාමීව එම පදනමේ 12 දෙනෙකුගේ ස්වේච්ඡා දායකත්වයෙන් යුතුව 2024 පෙබරවාරි 22 දින වෙරළුගහමුල ප්‍රදේශයේ අපවිත්‍ර වී පැවති ස්ථානයක් පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාවට නංවන ලදි. මේ සඳහා IFS පදනම, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle සමග අත්වැල් බැඳගත් අතර, Plasticcycle විසින් එහිදී ප්ලාස්ටික් නිසා ඇතිවන පරිසර දූෂණය සහ එමගින් මිනිසුන්ගේ හා සතුන්ගේ සෞඛ්‍යයට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදි. එමෙන්ම මාදම්පේ දිසා රෝහල් පරිශ්‍රයේ පැවති පිරිසිදු කිරීමේ වැඩසටහනේදී, අපද්‍රව්‍ය කාණ්ඩවලට වෙන්කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ස්වේච්ඡා සේවක සේවිකාවන් දැනුවත් කිරීමටද Plasticcycle පියවර ගත්තේ ය. මෙම වැඩසටහනට ප්‍රදේශවාසීන් 16 දෙනෙකු ස්වේච්ඡාවෙන් සහභාගී වූ අතර, එහිදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සහ නොහැකි ප්ලාස්ටික්, වීදුරු සහ කෑන් ඇතුළු අපද්‍රව්‍ය මලු කිහිපයක් එක්රැස් කිරීමට හැකි විය. ඉන් පසුව මෙම අපද්‍රව්‍ය වගකීම්සහගත ලෙස බැහැර කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් වෙත භාරදෙන ලදි.

admin-plast

Recent Posts

Business Network International හි කොළඹ සමාජිකත්ව එකතුව වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ සැසිය

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති Referral සමාගමක් වන Business Network International (BNI) හි…

2 months ago

ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20 කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී…

3 months ago

ජෝන් කීල්ස් සමූහයේ Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo…

5 months ago

Plasticcycle සහ The Pearl Protectors “Cleaner Seabeds for Sri Lanka” වෙනුවෙන් අත්වැල් බැඳගනී

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන…

11 months ago